පාසල පිළිබඳ ඓතිහාසික තොරතුරු හා පසුබිම
පාසලේ ඓතිහාසික විකාශය :-
පන්නල ජාතික පාසල 1850 – 60 දශක වල සමූපකාර පාසලක් ලෙස වත්මන් පාසල් පිවිසුම් දොරටුව අභියස ඇති L හැඩැති ගොඩනැගිල්ලේ බාලක විද්‍යාලය හා වත්මන් පරිපාලන ගොඩනැගිල්ලේ බාලිකා විද්‍යාලය වශයෙන් විදුහල් දෙකක් ලෙස ආරම්භ කර තිබේ. 1870 වර්ෂයේ දී බී. එස්. විදුහල්පතිතුමාගේ පාලනය යටතේ පිරිමි විද්‍යාලය රජයට පවරාගෙන රජයේ පාසලක් ලෙස ආරම්භ කර තිබේ. බාලිකා විද්‍යාලයේ ආරම්භයත් එම අවදියේම සිදු විය යුතු උවද ලිඛිත සාක්ෂි හමුවන්නේ 1936.11.10 දින පාසලේ රාජකාරි අරඹන යූ. ඩබ්.ටී.
විදුහල්පතිනියගේ යුගයේ සිටය.
ජී. බී ඒකනායක විදුහල්පතිතුමාගේ සේවාකාලයේ දී පන්නල රජයේ විද්‍යාලයේ පිරිමි හා ගැහැණු නිවුන් විද්‍යාලය 1960.06.01 දින මිශ්‍ර පාසලක් බවට පරිවර්තනය විය. ඒ සමගම මෙතෙක් විද්‍යාල දෙකෙන්ම පෝෂණය වූ පහළ බාලාංශය ප්‍රාථමික විද්‍යාලය ලෙස වෙනම ආරම්භ විය. 1963 වර්ෂයේ පැවති විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් ප්‍රථම වරට සිසුන් දෙදෙනෙකු විශ්ව විද්‍යාලයට තේරී පත්ව ඇත. 1964 වන විට සිසුන් 912 ක් හා ගුරුවරු 39 දක්වා වර්ධනය වී ඇත. ක්‍රමයෙන් විද්‍යාලයේ අවශ්‍යතා අනුව තාවකාලික ගොඩනැගිලි වල අධ්‍යාපනය හැදෑරූ සිසුන් හට 1962 දී නව ගොඩනැගිල්ලක් ඉදි කරන ලදි. අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ගාමිණී චන්ද්‍ර සේකර විදුහල්පතිතුමාගේ අවධියේ දී විද්‍යාලයට ලැබිණි. (1969.01.07 - 1982.01.18)
1982.01.19 දින විද්‍යාලයේ වැඩ බාරගන්නා එම්.ටී.ජී. කැමිලස් පෙරේරා විදුහල්පති තුමාගේ යුගය ද විද්‍යාලයේ පරිවර්තී වෙනසක් සිදුකල අවධියකි. 1986 වර්ෂයේ මහපොල පන්නල මහ විද්‍යල පරිශ්‍රයේ පැවැත් වූ අතර එම අවධියේ ප්‍රථම වරට දෙමහල් ගොඩනැගිලි දෙකක් විද්‍යාලයට ප්‍රධානය සිදු විය.පාසල සතු ඉඩම් ප්‍රමාණය ද ඉතා සීමිත බැවින් එවකට ග්‍රාමීය උසාවිය තිබූ භූමිය 1991 විද්‍යාලයේ සේවය කල විජේසිංහ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් විද්‍යාලයට ලබාගන්නා ලදි.1995.08.25 දින මෙතෙක් ශීඝ්‍ර සංවර්ධනයක් ලබමින් ප්‍රදේශයේ දරුවන් හට අධ්‍යාපන ලබා දෙන පන්නල මහා විද්‍යාලය රජයේ අධ්‍යාපන සංවර්ධන වැඩසටහනට අනුව ජාතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමට තෝරා ගැනීමෙන් අනතුරුව ජාතික පාසලක් ලෙස සංවර්ධන කිරීමට අවශ්‍යය යම් යම් සම්පත් රජයෙන් ලැබෙන අතර දෙමාපිය හා සුභ පතන්නන් ගේ පරිත්‍යාග ලැබ දියුණුව කරා ගමන් කරමින් තිබේ.