ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සිසු ආචාරධර්ම පද්ධතිය 

  • පාසල් පැමිණීමට පෙර නිවසින් පිටවන විට දෙමාපියන් නැමද ආශීර්වාද ලබා ගත යුතුය. පාසලට පැමිණෙන අතරතුර බස් රථයේ දීත්, මාර්ගයේ දීත් පාසලේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට ආචාරශීලී විය යුතුයි.
  • ඔබ බස් රථයෙන් පැමිණෙන විට හෝ පිටව යන විට බස් රථය තුළ විනයානුකූලව හැසිරිය යුතුය.
  • තම පාසලේ අඩු වයසින් සිටින සොහොයුරු සොහොයුරියන් ආරක්ෂිතව පාසලට ගෙන ඒමට කාරුණික විය.
  • යුතුය පාසලට පැමිණෙන විට තමාට එදිනෙදා පැවරී ඇති කාර්යයන් නිමා කිරීමට වගබලාගත යුතුයි.
  • යම්කිසි අවශ්‍යතාවයකට වෙනත් පන්තියක ඇතුළුවීමේදී හෝ තමා යන විට තමාගේ පන්තියේ ගුරුභවතෙකු සිටියේ නම් අවසරගෙන ආචාරශීලීව පන්තියට ඇතුළු විය යුතුය.
  • යම්කිසි ගුරුභවතෙකු පන්ති කාමරයට ඇතුළු වූ පසු පන්ති සිටින සියලු ළමුන් නැගී සිට ආචාර කළ යුතුය. ආපසු යන විට දී ද එසේ නැගිට ආචාර කළ යුතුය.
  • ගුරු විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු හෝ සමග කතා කරන විට සීරුවෙන් සිට ආචාරශීලී ව කතා කළ යුතුය.
  • ගුරුභවතුන් දෙදෙනෙකු හෝ වැඩිහිටියන් දෙදෙනෙකු හෝ වෙනයම් දෙදෙනෙකු හෝ කතා කරන විටකදී ඒ අතර මැදින් නොයා යුතුයි. යාමට වෙනත් මාර්ගයක් නොමැති නම් ආචාරශීලීව අවසර ගෙන එතැනින් යායුතුයි.
  • කිසියම් ගුරුභවතෙකු ට විදුහල්පතිට හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ට යම් කිසි දෙයක් ලබා දෙන විට දෙකින්ම පිරිනැමීමට පුරුදු විය යුතුයි.
  • විදුහල් භූමිය තුළ නිකරුනේ සැරිසැරීම නොකළ යුතු අතර අත්‍යවශ්‍ය දෙයකට පිටව යන්නේ නම් අවසර  අවසර පත්‍රය ගෙන හැකි ඉක්මනින් එම කාර්යය නිමා කර ආපසු පැමිණිය යුතුය..
  • උදේ පාසලට ඇතුළු වූ තැන් පටන් තමාගේ ඉදිරියට පැමිණෙන හෝ මුණ ගැසෙන ගුරුභවතුන්ට හෝ වැඩිහිටි සිසුන්ට සුභ උදෑසනක් වේවා නැතහොත් තෙරුවන් සරණයි ගුඩ් මෝනින් යනුවෙන් සුබ පැතුම් එක් කළ යුතුය.
  • නිමාවී පාසලෙන් බැහැර වූ විටෙක දී තම පාසලේ නිල ඇඳුමට පාසල් මාතාවට අගෞරවයක් නොවන ලෙස හැසිරිය යුතුය.
  • පාසල් අධ්‍යාපනය නිමා කර අවසන් වූ විට ද තමා පන්නල ජාතික පාසල තුළින් බිහිවූ අදර්ශමත් අයෙකු බව සමාජයට දැනෙන පරිදි ජීවත් විය යුතුය.

විනය නීති මාලාව  (පොදු)

  1. පාසලට පැමිණීම
    •  පෙරවරු 7:30 පාසල ආරම්භ වේ. පෙරවරු 7:15 ට පෙර  පාසලට පැමිණිය යුතුය.
    • නොකඩවා දිනපතා පාසල් පැමිණිය යුතුය නොපැමිණ දිනයක් වෙතොත් එයට හේතුව ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ සටහන් කර මව/පියා භාරකරු අත්සන් කර ගෙන එය පාසල් පැමිණෙන දිනයේ දී පන්ති භාර ගුරු භවතාට  ඉදිරිපත් කළ යුතුය.දින පහකට වැඩි කාලයක් පැමිණීමට නොහැකි වුවහොත් නැවත පැමිණිය යුත්තේ මව/පියා භාරකරු සමගය.
    • ප්‍රධාන ගේට්ටුවෙන් පාසලට ඇතුළුවී දකුණු පසින් පන්ති කාමරය වෙත ගමන් කළ යුතුය.
    • දිනයට අදාළ සියලු පොත්පත් උපකරණ රැගෙන ආ යුතුය
  2.  පාසලට පැමිණි පසු
    • පැමිණි විගස තමාට අයත් පිරිසිදු කිරීම වැනි කාර්ය වල නිරත විය යුතුය. 
    • සීනුවට අවනතව ශිෂ්‍ය නායක මණ්ඩලය උපදෙස් පරිදි උදෑසන රැස්වීම් වලට සහභාගි විය යුතුය.
    • ආගමික වතාවත් හා අනිකුත් අවස්ථාවලදී (ජාතික ගීය/පාසල් ගීය) ගෞරවාන්විතව කටයුතු කළ යුතුය.
    • පාසල ආරම්භ වීමෙන් පසු අනවශ්‍ය ස්ථාන වල ඇවිදීම රැඳී සිටීම නොකළ යුතුය.ආපනශාලාවට යා හැක්කේ පාසල ආරම්භවීමට ප්‍රථම හා විවේකය කාලයේ දී පමණි.
    • අධ්‍යන කටයුතු සදහා පන්ති කාමරයෙන් බැහැරව යන විට පේලියට සංවරව ගමන් කළ යුතුය.
    •  අනවශ්‍ය ලෙස ඝෝෂා කිරීම සබ්බ නගා කතා කිරීම පරුෂ වචන හෝ අසභ්‍ය වචන කිරීම නොකළ යුතුය.
    •  අධ්‍යයන කටයුතු විෂය බාහිර කටයුතු ආදියේ දී උද්‍යෝගිමත් ව ක්‍රියා කළ යුතුය පාසලේ සියලුම ගුරුභවතුන්ට අවනතව ක්‍රියා කළ යුතුය.
    •  ඔබේ ගුරුභවතුන්ගෙන් ගෞරවය සෑම විටම ආරක්ෂා කළ යුතුය. පාසලේ පොදු දේපළ ආරක්ෂා කිරීම කළ යුතුය. පාසල් භූමිය පිරිසුදුව තබාගත යුතුය. වාසය පරිශ්‍රය තුළදී ඔබට හමුවන බාහිර පුද්ගලයන් අනෙකුත් දෙමාපියන් නිලධාරීන් ආදී සමඟ කතා කිරීමට ඔබට අවසර නැත .
    •  යම් විෂය භාර ගුරු භවතුන් පංතියට නොපෙනෙන අවස්ථා වල අදාල පැවරුම් කළ යුතුය.
    • ඉගෙනුම් උපකාරක නොවන කිසි දෙයක් පාසලට රැගෙන ඒම නොකළ යුතුය.
    • ක්‍රීඩා ඇඳුම් වලින් සැරසී ක්‍රීඩාපිටියේ හැර පන්තිකාමර වල හෝ පාසලේ වෙනත් ස්ථානවල රැඳී සිටීම තහනම්ය .
    •  තමාට අදාළ වැසිකිළි කැසිකිළි ආදියට පමණක් යා යුතුය. 
    •  පාසලට පැමිණෙන වෙනත් ආගන්තුක කිසිවෙකුට මානසික හෝ කායික හිරිහැර සිදු කිරීම තහනම් වේ.
    •  පැමිණෙන වෙනත් විදුහල්වල ගුරු භවතුන් හා සිසුන් ගෞරවයෙන් පිළිගත යුතුය .
    •  පාසල අමතර කාලයක් රැඳී සිටින ඕනෑම විටකදී ඒ බව දෙමාපියන්ට දැන්විය යුතුය .
    •  විදුහල්පති ගේ අවසරය නොමැතිව සති අන්තවලදී ඒ නිවාඩු කාලයේදීත් සිතූ එක්ව විනෝද චාරිකා සංවිධානය නොකළ යුතුය. 
  3. පාසලින් බැහැරව යාම

 

    •  අසනීපයක් හෝ වෙනත් හේතුවකට වේලාසනින් බැහැරව යා හැක්කේ විදුහල්පති අවසරය මතය එවැනි විටක දෙමව්පියන්ගෙන් මා ඔවුන් සමඟ බැහැර විය හැක විශේෂ කාරණයක් වෙතොත් දෙමව්පියන්ට පැමිණ දරුවාව කැටුව යා හැක.
    • විදුහල අවසන් කිරීමට සීනුව නාද කළ විට අදාළ ආගමික වතාවත් වලින් පසුව නිශ්ශබ්දව පේලි වලට බැහැර විය යුතුය 1,2,3,4,5,6,7,8,9 ශ්‍රේණිවල ළමුන් කුඩා ගේට්ටුවෙන් ද 6,10,11,12,13 ශ්‍රේණිවල ළමුන් ප්‍රදාන ගේට්ටුවෙන් ද දෙදෙනා බැගින් ගමන් කළ යුතුය.
    •  එසේ පිටත් වූ දරුවන් තම දෙමාපියන් සපයා ඇති ප්‍රති ප්‍රවාහන ක්‍රමය මගින් හැකි ඉක්මනින් නිවෙස් බලා යායුතුය බස් නැවතුම්පොළ වෙළඳ ආයතන වල හෝ වෙනත් ස්ථානවල ගැවසීම තහනම් ය පාසලේ ගෞරවය ලැබෙන පරිදි පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ යුතුය

විනය නීති මාලාව (විශේෂ)

    • අදාල ප්‍රමිතියට අනුව නිල ඇඳුම් සකසා ගත යුතුය නිල ඇඳුම් අඳින සෑම විටෙක ම සම්පූර්ණ නිල ඇඳුම (ප්‍රමිතිගත නිල ඇඳුම,නිසි පරිදි සැකසූ කොණ්ඩෙ,සපත්තු ,මේස්,ටයි පටිය,නිල ලාංඡන,අනිවාර්‍ය වේ පිරිමි ළමුන් කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
    • පාසල් නිල ඇඳුමෙන් සැරසී අනවශ්‍ය ස්ථානවල සිටීම තහනම්ය. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ශිෂ්‍ය භාවයට සහ පාසලේ කීර්ති නාමයට (නිල ඇඳුමින් සැරසී හෝ සාමාන්‍ය ඇඳුමින් සැරසී) අවහිර වන පරිදි කිසිදු ලෙසකින් හැසිරීම වරදක් වේ. පාසලෙන් යනුවෙන් නොගැලපෙන කිසිදු ආකාරයකට ඡායාරූප වලට පෙනී සිටීම වීඩියෝ දර්ශන වලට හෝ නතර වලට පෙනී සිටීම තහනම්ය.
    • කිසිදු විටෙක හිසකෙස් වර්ණ ගැන්වීම ස්ට්‍රේට් කිරීම ආදී හිසකෙස් සැකසීම් නියපොතු වැවීම හා පාට කිරීම් (අත් පා දෙකම) ඇහිබැමි ගැලවීම ගැහැනු පිරිමි දෙපාර්ශවයටම මේකප් කිරීම තහනම් වෙයි.
    • පාසලට දුරකථන හෝ ඒ හා සම්බන්ධ කිසිදු කොටසක් හෝ උපාංගයක් රැගෙන ඒම සපුරා තහනම් වේ.
    • ස්මාර්ට් දුරකථන smart watch භාවිතය ද තහනම්ය imo,Facebook, Whatsapp,messenger ඇතුළු කිසිදු සමාජ මාධ්‍ය ජාලයක තමන්ගේ හෝ වෙනත් අන්වර්ථ නාමයකින් ගිණුම් සැකසීම පවත්වාගෙන යාම සපුරාතහනම් ය.
    • තමන් සතුව Smart phone තබා ගැනීම හෝ අන් කිසිවකුගේ එවන් ජංගම දුරකතනයක් පාවිච්චි කිරීම හෝ කිසිදු ගමනක් යන විට එවන් දුරකථනයක් රැගෙනයෑම තහනම්ය.
    • ලැප්ටොප් පරිගණකයක් හෝ ටැබ් යන්ත්‍ර පාසලට රැගෙන එන්නේ නම් අදාළ විෂය භාර ගුරු භවතාගේ ලිඛිත අවසරයක් ලබාගත යුතුය.
    • පාසල් පරිශ්ශ්‍රයේ ඉන් පිටත කිසිදු පුද්ගලයකු සමඟ අශෝබන සහ අසභ්‍ය ලෙස හැසිරීම ඒවාට අනුබල දීම හෝ අන් අය පෙළඹවීම තහනම් වේ.
    • පාසල් පරිශ්‍රය තුළදී ශිෂ්‍යයකු ආසියාව අනවශ්‍ය ලෙස රැඳී සිටීම කුසල විසුළු කරමින් කතාබහ කිරීම වරදක් ලෙස සැලකේ.
    • අශෝභන සහ අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගනීම සැකසීම ළඟ තබාගැනීම බෙදාහැරීම හෝ එවැන්නකට අනුබල දීම තහනම්ය.
    • අශෝභන ලෙස රහස් ඡායාරූප වීඩියෝ දර්ශන වලට තමන් තනිව හෝ අන් අය සමඟ අනුබල දීම තහනම්ය.ශිෂ්‍යයාවක් සහ ශිෂ්‍යයෙක් පමණක් යුගල වශයෙන් ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම පාසලෙන් පිටත දී පවා තහනම්ය.
    • ශිෂ්‍යාවක් විනය පුද්ගලයකු සමඟ හෝ ශිෂ්‍යයා කාන්තාවක් සමඟ එකට සිට ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම හෝ රඟපෑම දෙමව්පියන් හෝ පාසල් දැනුවත් තාවයකින් තොරව තහනම්ය
    • තොරතුරු ඡායාරූප හෝ වීඩියෝ දර්ශන කිසිදු හේතුවකට අයතු ලෙස භාවිතා කිරීම සපුරා තහනම් වේ.
    • අසත්‍ය ප්‍රචාර කීර්තියට හානි වන ආකාරය ප්‍රචාර කිසිවක් පැතිරවීම තහනම් ය එහෙත් පාසලේ නාමයට හානියක් හෝ අනතුරක් වේ යැයි ඔබට හැඟෙන ආකාරය තොරතුරක් ලද හොත් ඒ පිළිබඳව බොහෝ දෙමව්පියන් මගින් වහාම විදුහල්පති දැනුවත් කළ යුතුය තොරතුරුද ගැන වාර්තා නොකර සිටීම තදබල වරදක් මෙන්ම වරදට අනුබල දීමක් ලෙස ද සැලකේ.
    • පාසලේ අවසරයකින් තොරව නර්තන කණ්ඩායම් වලට සම්බන්ධ වී ප්‍රසිද්ධ වේදිකා නර්තන යෙදීම හෝ යම් යම් රැකියාවල නිරතවීම ටෙලි නාට්‍ය ආදිය රඟපෑම තහනම්ය.
    • මත්ද්‍රව්‍ය සම්බන්ධ රටේ පවත්නා සියලු නීති රීති වලට පාසල් ප්‍රජාවට යටත්ය ඒ අනුව කිසිදු ආකාරයක මත් ද්‍රව්‍යයක් හෝ පානයක් පාසලට රැගෙන ඒම උඹ ළඟ තබා ගැනීම අන් අයට ලබාදීම විකිණීම බෙදාහැරියා පාවිච්චි කිරීම වෙනත් අයෙක් ඒ සඳහා ගැලවීම මධ්‍යම සම්බන්ධ තොරතුරු වසන් කිරීම තහනම්ය.
    • පහසුකම් හා සේවා ගාස්තු කෑම හා පොත්පත් ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රවාහන වියදම් හැර වෙනත් මුදල් පාසලට රැගෙන නියම හෝ මුදල් ණයට ලබා දීම වරදක් ලෙස සැලකේ.
    • සියලුම ශිෂ්‍යයන්ට පාසල තුළදී හෝ වෙනත් පුද්ගලික අවස්ථා සැමරීම සපුරා තහනම්ය .
    • රන්මාල පැළඳීම මුදු සපුරා තහනම්ය.අපලයක් සඳහා කළු නුලක් දැමූ සුර පැළඳිය හැක. 
    • පොදු දේපළ වලට කිසිදු ආකාරයකින් හානි කිරීම තහනම්ය.
    • ශිෂ්‍යයන් විසින් ශිෂ්‍යයාවන් ස්පර්ශ කිරීම හෝ ශිෂ්‍යයාවන් විසින් ශිෂ්‍යයන් ස්පර්ශ කිරීම තහනම්ය. අනවශ්‍ය ලෙස බැලීම දොස් පැවරීම අනුන් පෙලීම සපුරා තහනම්ය යම් ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට කාගේ හෝ අනවශ්‍ය බලපෑමක් අතවරයක් බැණ වැදීමක් හෝ නොගැලපේ යැයි හැඟෙන ඕනෑම අකට යුත්තක් සිදු වේ නම් ඒ පිළිබඳව පන්ති භාර ගුරු භවතා දැනුවත් කළ යුතුය. කිසිදු වංචා සිදු කිරීම සපුරා තහනම් වේ.
    • කිසිදු භාගයක දී කිසිදු ආකාරයක වංචා සිදු කිරීම සපුරා තහනම් වේ.
    • භාණ්ඩ මුදල් හෝ කිසිදු දෙයක් සොරකම් කිරීම බරපතළ වරදක් ලෙස සැලකේ.
    • කිසිදු පාර්ශ්වයක් සමඟ රන්ඩුවීම ගහ ගැනීමත් සහ බැන ගැනීම සපුරා තහනම්ය.